පසුගිය ජනාධිපතිවරණයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතුවලින් 60% කට වඩා ප්‍රමාණයක් සිදුකළ, එමෙන්ම රාජපක්ෂ රෙජීමය සමයේ රාජ්‍ය ආයතනයවල ප්‍රචාරණ කටයුතු මෙහෙයවූ, මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි 'Magenta'ඇඩ්වර්ටයිසින් සමාගමට යහපාලන ආණ්ඩුවෙන් ද ඉහළ සැළකුම් ලැබෙන බව වාර්තා වේ.
රජයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි 'Litro Gas' සමාගමේ දැන්වීම් කටයුතු ආණ්ඩුවේ ඉහළම පුද්ගලයෙකුගේ බලපෑම මත 'Magenta'ඇඩ්වර්ටයිසින් සමාගමට ලබාදී තිබේ.
'Magenta'ඇඩ්වර්ටයිසින් සමාගමේ කළමානකාර අධ්‍යක්ෂක ප්‍රශාන් සුබ්‍රමනියම්ගෙන් සමාගමේ සේවකයෙකු මේ පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ 'අපිට ඒ ආණ්ඩුවත් එකයි, මේ ආණ්ඩුවත් එකයි. ඒ කාලෙ අපි යටින් ඒගොල්ලන් උදව් කළා. එගොල්ලො දැන් අපිට ඒවට සළකනවා' කියාය.
ප්‍රශාන් සුබ්‍රමනියම් කිවූ පරිදි තවත් රාජ්‍ය ආයතනවල විශාල ගිණුම් කිහිපයක් 'Magenta'ඇඩ්වර්ටයිසින් සමාගම වෙත ළඟදීම ලැබීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය සේවකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බව වැඩිදුරටත් වාර්තා වේ.