බොලිවුඩ් සිනමාවේ සරාගිතම නිළිය විදිහට රජ කරන සනි ලියොන් දෙසැම්බර් මාසයේ ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඇය මෙරටට ගෙන්වන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කැසිනෝ ජාලයක් විසින්. කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ පිහිටි මෙම කැසිනෝ අවන් හලේදී දෙසැම්බර් 20 වනදා ප‍්‍රසංගයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වී ඇත්තේ.
පසුගිය දිනවල දේශපාලන කතාබහ වලද සනී ලියොන් සම්බන්ධයෙන් අදහස් පළ වුණා. කෙසේ වෙතත් ඇය මෙරටට පැමිණෙන පළමු අවස්ථාව ද මෙය නොවෙයි.
සනී ශ්‍රී ලංකාවට ආදරය කරන අතර ඒ සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කරන වීඩියෝව පහතින් දැක්වෙනවා.මෙම වීඩියෝව Jism 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා පැමිණීමෙන් පසු පටිගත කරන ලද්දක්.