අභිරහස් ලෙස මිය ගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය සොයාගෙන ඇත. එය නුවරඑළිය – ආගරපතන ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන ඇති බවට වාර්තා වේ.
2012 වසරේ තාජුඞීන්ගේ මරණයට සම්බන්ධ රිය අනතුරේදී කිසියම් පුද්ගලයෙකු මෙම ජංගම දුරකථනය අසුලාගෙන ඇති බව පොලිසිය පවසයි.
නාරාහේන්පිට – ශාලිකා ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේ තිබී ඒ ආසන්නයේ වෙළදසැලක සේවකයෙකු මෙම දුරකථනය අසුලාගෙන පසුව ඔහුගේ පුත‍්‍රයාට ලබාදී ඇති බව පොලිසිය පවසයි.