යෝෂිත රාජපක්ෂට අයත් යැයි කියන සීඑස්එන් නාලිකාව විසින් සිදුකර ඇති දූෂණ සම්බන්ධයෙන් එහි ආරම්භක ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතාගෙන් ඊයේ පොලිස් විශේෂ මූල්‍ය පරීක්ෂණ කොට්ඨාශය දීර්ඝ වේලාවක් ප්‍රශ්න කරන ලදී.
සීඑස්එන් නාලිකාව බදු වංචා කර ඇතැයිද, ක්‍රිකට් විකාශණ අයිතිය ලබා ගැනීමේදී දූෂණයේ යෙදී ඇතැයිද, සීඑස්එන් නාලිකාව විසින් රාජ්‍ය ආයතනයක් වූ අයිටීඑන් නාලිකාව සතු සම්පත් භාවිතා කර ඇතැයිද, මෙහි සැබෑ අයිතිකරුවන් කව්ද ආදිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ මූල්‍ය පරීක්ෂණ කොට්ඨාශය වෙත ආනන්ද විජේපාල නමැති මහතෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත නිශාන්ත රණතුංගගෙන් ප්‍රශ්ණ කර තිබේ.
මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමග සීඑස්එන් නාලිකාවේ සේවය කළ සියයකට අධික සේවක සංඛ්‍යාවක් රැකියාවලින් ඉවත් කරන ලද අතර ඊයේ 10-15 ක් අතර පිරිසක් පමණක් යොදවා පැරණි වැඩ සටහන් යලි විකාශය කරමින් සිටී.