ගායිකා උරේෂා රවිහාරී ගේ සැමියාට ඔහුගේ ප්‍රථම විවාහයේ දියණියගේ සුවදුක් බැලීම සඳහා සෑම මාසයකටම එක්දිනක් අධිකරණය විසින් අවසර ලබාදී ඇතත් උරේෂා හා විවාහවීමත් සමඟ ඔහු තම දියණියගේ සුවදුක් බැලීමට යෑම නතරකොට තිබෙන බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණේ මීට සති කිහිපයකට පෙරය.

උරේෂා සමඟ විවාහවීමට පෙර තම සිඟිති දියණියට බොහෝ සේ ආදරය කොට ඇති බව කියන උරේෂාගේ සැමියා ; තම දියණියව සම්පූර්ණයෙන්ම අමතකකර දමන තරමට වෙනස් වූයේ  උරේෂා සමඟ විවාහවීමත් සමඟ යැයි තතුදත් ආරංචි මාර්ග අනාවරණය කරයි.

උරේෂාගේ සැමියාගේ ගම් ප්‍රදේශය වන  කොළඹ 14, ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ පදිංචි උරේෂාගේ සැමියාගේ  සමීප මිතුරකු  පවසන්නේ දියණිය බැලීමට යනවාට උරේෂා තදින්ම විරුද්ධ නිසා පවුලේ සමඟිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම තීරණය ගැනීමට උරේෂාගේ සැමියාට සිදුවන්නට ඇතැයි තමා විශ්වාස කරන බවයි.

නමුත් සැමියාගේ ප්‍රථම විවාහයේ දියණිය සම්බන්ධයෙන් එවන් දරදඬු ක්‍රියාමාර්ග අනුගමනය කළද , උරේෂා තමාගේ කුසින් උපන් දරුවා වන 'සසෙන් ප්‍රවිවේක්' හට  මහත්වූ සෙනෙහසක් දක්වන බව උරේෂාගේ සමීපතමයන් පවසති .
 
උරේෂා සමඟ අතීතයේ  නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විදුහලේ එකට සිප්සතර හැදෑරූ සමීප යෙහෙළියක් අප හා කියා සිටියේ උරේෂා වැනි ජනප්‍රිය ගායිකාවක් අවුරුදු අටක දරුවකු සිටින පියෙකු සමඟ විවාහවූ බව ඇසූවිට තමා මුලදී එය විශ්වාස කරන්නට පවා අදිමදි කළ බවය.

තමාට දැනගන්නට ලැබුණු ආකාරයට මේ විවාහය සඳහා උරේෂාව වැඩිපුරම උනන්දු කොට තිබෙන්නේ උරේෂාගේ දෙමව්පියන් විසින් බව පවසන උරේෂාගේ මිතුරිය , දරුවකු සිටින පියෙකු සමඟ  විවාහවීම නිසා උරේෂාට මේ වනවිට මුහුණපාන්නට සිදුවී තිබෙන සියළු නින්දා අපහාසයන්ට වගකිවයුත්තේද උරේෂාගේ දෙමව්පියන්  යැයි වැඩිදුරටත්  පවසා සිටියාය. 

නමුත් උරේෂාගේ පාසල් මිතුරිය එලෙස කීවත් උරේෂාගේ පියාවන ජනප්‍රිය නිවේදක ධර්මශ්‍රී වික්‍රමසිංහගේ ෆේස්බුක් ගිණුමේ කවරයේ ඡායාරූපය අදටත් සැරසී තිබෙන්නේ උරේෂාගේ  විවාහය දා ගනු ලැබූ ඡායාරූපයකිනි. ( එම ඡායාරූපයද මෙහි පලවේ.) 
 

ඉන් පැහැදිලිවන්නේ උරේෂා දියණිය දරුවකුසිටින පියෙකු සමඟ විවාහ වීම නිසා තවත් සිඟිති දැරියකට පිය සෙනෙහස අහිමිව ගියද  ධර්මශ්‍රී වික්‍රමසිංහට  ඒ පිළිබඳ වගේ වගක් නැති බව නොවේද . . ?

කෙසේ වුවත්  සැමියාගෙන් හා දරුවාගෙන් තොර ලෝකයක් දැන් තමන්ට නැතැයි තම හිතවතුන් සමඟ නිතර පවසන උරේෂා මීට දින කිහිපයකට පෙර නුගේගොඩ කට්ටිය හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය නව නිවසේදී  සැමියා හා පවුලේ හිතවතුන් සමඟ තම කුඩා පුතුගේ උපන්දිනය සමරා ඇති අතර පහත පලවන්නේ උරේෂා තම පුතුගේ උපන්දිනය දා ගන්නා ලද ඡායාරූපයකි. 


නමුත් උරේෂා සමඟ විවාහ වීමෙන් පසුව ගෙවීගිය වසර තුනක කාලය තුළ තම ප්‍රථම විවාහයේ දියණියගේ උපන් දිනය වෙනුවෙන්  සුබ පතන්නටවත් උරේෂාගේ සැමියාට අමතකව ගොස් තිබුණු බව තතුදත් ආරංචි මාර්ග අනාවරණය කරයි.

Sponsored Ads
Related Posts.