Mar20
තම දෙවැනි පුතු ගැහැණු දරුවකු පැහැරගෙන ගොස් සඟවාගෙන ඇතැයි මාධ්‍ය මඟින් සිදු කරන ප‍්‍රචාරය ගැන ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඇමති රාජිත හෙළි කලා.

"මගේ දෙවැනි පුතු බාලවයස්කාර දැරියක වූ තම දියණිය පැහැරගෙන විත් අප නිවසේ රඳවාගෙන සිටින්නේ යැයි එක්තරා කාන්තාවක් සහ පුද්ගලයකු මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය දිනක මහ හඬක් නැගුවා.

කරුණු සොයා බැලීමේදී මේ පිටුපස එක්තරා දේශපාලන පක්ෂයක් සිටින බවට මං තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මගේ පුතා මේ ගැහුණු ළමයා පැහැරගෙන එන්නට ඒ ළමයා ඩයනා කුමරියද?  මේ ගැහැණු ළමයා පසුගිය වසරේ 2014 සිය කැමැත්තෙන්ම නිවසින් පිටවී පැමිණ ඇත්තේ ඒ මව්පියන්ගේ තාඩන පීඩන ඉවසනු බැරිවයි. ඒ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කළ පැමිණිල්ලේ ඒ ළමයාගේ කටඋත්තරයේ සඳහන් වනවා.

තමන් මුල්වරට රාජිත සේනාරත්න පවුලේ නිවසට පැමිණියේ 2013 සිංහල අවුරුදු දිනයේ බවත් ඉන්පසු විටින් විට තමාවත් මිතුරු එක්සත්වත් රියෙහි නංවාගෙන නිදහස් චතුරශ‍්‍ර භූමියේ ඇවිදින්නට තම මව්පියන් රැුගෙන ගිය බවත් ඒ මිතුරුදමින් ප‍්‍රයෝජනයට ගෙන තම පියාගේ ව්‍යාපාර කටයුතුවලට රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ උදව් ලබාගැනීමට බලපෑම් කරන ලෙසත් ඇයට තම මව්පියන් බල කර සිටි බව ඇයගේ කටඋත්තරයේ සඳහන් වෙනවා.
 

මේ දරුවාගේ පියාට ඔහුගේ කලින් බිරිඳට සහ දැන් බිරිඳ මේ අයට වෛද්‍යවරයකු ලෙස මා ප‍්‍රතිකාර කර තිබෙනවා. එහෙත් ඔවුන් එළන දැලට මා හසුවූයේ නෑ. රටේ නීති උල්ලංඝණය කර ව්‍යාපාර වලට සහය දීම මා කිසිදින සිදු කරන්නේ නෑ. මෙ දරුවා තම කටඋත්තරයේ සඳහන් කර ඇත්තේ මේ කූඨ වෑයම අසාර්ථක වූ තැන පටන් තමන්ට මව පියා විවිධ පීඩා එල්ල කරමින් තමන් මානසික වශයෙන්ද පීඩාවට පත් කළ බවයි.

ගෙදර ගැන කළ කිරී ත‍්‍රිරෝද රථයක නැගී මේ ළමයා මගේ නිවසට පැමිණියා. එවිට මගේ පුතු කළේ නීතිඥයකු හමුවට එම ගැහැණු ළමයාව යොමු කර කුරුඳුවත්ත පොලිසියේද සටහන් කළ පැමිණිල්ලක් අනුව මව්පියන්ද හමුවේ මෙයට විසඳුමක් ලබාදීමට කටයුතු කිරීමයි.

මේ ළමයා එතැනදී ගෙදර යන්නට බෑ කිව්වා. තමන් සිය කැමැත්තෙන්ම ඇයගේ මිත්තණියගේ නිවසට යන බවත් පොලිස් පොතේ සටහන් කර ගිය ඇයට ඇයගේ මව දුරකතනයෙන් අසභ්‍ය වචනයෙන් බනිමින් කරදර කරන බවට පැමිණිලි කර තිබෙනවා. මා දන්නා තරමට මේ මව්පියන් සිටින්නේ ඔවුන්ගේ ව්‍යාපාර බංකොලොත්වී විශාල මූල්‍ය අර්බුදයකයි. මේ සඳහා මූල්‍ය නීති රීති උල්ලංඝණය කර සහයෝගය නොදැක්වූවාටත් මට ප‍්‍රහාර එල්ල කරනවා.


මේ සඳහා කිසිදු මාධ්‍ය සදාචාරයක් නොමැතිව රාජපක්ෂ පවුලට සම්බන්ධ චැනලයකුත් කුඩු ව්‍යාපාරයට සම්බන්ධ චැනලයකුත් මටත් මගේ දරුවන්ටත් මඩ ගහනවා. මගේ පුතා යම් අසාත්මික රෝගයකින් කුඩා කල සිට පෙළුණ නිසා විදෙස් ගත වන තුරුම නිදාගත්තේද අප නිදන කාමරයේයි.

අපේ දරුවන් ගුණ ගරුකව හදා වඩා තිබෙනවා. ඔහුට කාන්තාවන් ඩැහැගෙන එන්නට  ඕනෑ නෑ. ඒ දරුවා සමග ඇති මිතුදම නිසා අප සැම ඒ දරුවා අසරණ වූ අවස්ථාවේදී පිහිට වුණා.

ඔය මඩ ගහන කාගේ කාගේ පුත්තුන්ගේ විස්තරත් මා දන්නවා. රාජපක්ෂ පුතුන්ට මා කියන්නේ ඒ කොයි කොයි පුත්තුන්ගේ අතීත විත්තින් මා දන්නා බවයි. නමුත් ඒවා මා ප‍්‍රසිද්ධියේ කියන්නට තරම් අශිලාචාර නෑ...

තම දියණිය ගැන මවක් මෙසේ ප‍්‍රසිද්ධියේ කරන හෙළිදරව්ව ඒ දරුවාගේ මුළු අනාගතයටම මඩ ගැසීමක්. අනෙක් අතට මා පවසනවා නම් ඒ පුත්තුන්ට මා කියන්නේ මගේ පුතා ගෙන ආවේ යැයි කියනවා නම් ඒ එක කාන්තාවයි. අනෙක් අයට ඉන්න කාන්තාවන් ගැන මා කියන් නෑ..."

Sponsored Ads