රත්නපුර කහවත්ත කොටකෙතන හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ කාන්තා ඝාතන රැුල්ලට අදාළ විවිධ පුද්ගලයින් අත්අඩංගුවට පත්වූවත් ඒ බොහෝ අය සැබෑ අපරාධකරුවන් යයි ඔප්පු කරන්නට පොලිසියට නොහැකි විය.

අපරාධ කරුවන් යයි සැකපිට අල්ලන ලද දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ගේ හා එම හවුල් කරුවන්ගේ ඞීඑන්ඒ වාර්තාද නොගැලපිණි. කොටකෙතන  ඕපාතවත්තේ තේවත්තකදී 49 හැවිරිදි නාදන් බාබු නමැති දෙදරු මවක් පසුගිය නොවැම්බර් මස අවසන් වරට අභිරහස් අන්දමින් ඝාතනය කර තිබුණ පසු පොලිසිය සිදු කළ විමර්ශන වලින් පසුව ඝාතකයා අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුව මගින් පසුගිය සිකුරාදා (11 වැනිදා) අත්අඩංගුවට ගෙන ඔහුගේ ඞීඑන්ඒ වාර්තා පරීක්ෂා කළ අතර අද අධිකරණය හමුවේ ප‍්‍රකාශ වූයේ එම ඞීඑන්ඒ වාර්තා මගින් එකී දෙදරු මව පමණක් නොව මින් ඉහත කහවත්ත කොටකෙතනේ සිදුවූ ඝාතන 7 කින් 6ක්ම මොහු විසින් සිදු කර ඇති බව ඔප්පු වන බවයි.

අවසන් වරට ඝාතනය කෙරුණු දෙදරු මව තේ දලූ නෙලීමෙන් පසු සිය නිවස බලා යමින් සිටියදී සැකකරු විසින් කපා කොටා ඝාතනය කර තිබිණි. සැකකරු පොලිසිය හමුවේ
පාපොච්චාරණය කර තිබුනේ කාන්තාව සතු රන් ආබරණ සහ මුදල් කොල්ලකෑම සඳහා ඇය මරා දැමූ බවයි.

මෙම ඞීඑන්ඒ වාර්තා මගින් සසැඳුණ ආකාරයට මින් ඉහත වෙනත් අය කළා යයි සැකකළ ඝාතන රැුසක් මෙම පුද්ගලයා කර ඇති බව තහවුරුව ඇති අතර ඔහුගෙන් ඒ සම්බන්ධව ප‍්‍රශ්න කිරීමෙන් වැඩි විස්තර ලබාගත හැකි වනු ඇති බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු ලබන 29 වනදා තෙක් රඳවා ප‍්‍රශ්න කරන්නට අද අධිකරණය මගින් ඒ අනුව අවසර ලැබී ඇත.


Sponsored Ads
Related Posts.