සුප්රකට සාරාගී බොලිවුඞ් නිළි සනී ලියොන් හා ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර් දරු උපතක් සැලසුම් කර තිබෙන බවත් ඔවුන් ළ`ගදීම ඒ කාර්යයට යොමුවන බවත් සනී පුවත්පතකට සැපයූ සම්මුඛ සාකච්ඡුාවකදී ප්රකාශ කර ඇත.
සනීගේ සැමියා සනීගේ කළමනාකරු ලෙස රාජකාරියේ යෙදෙන අතර ඇය හා ඔහු බොලිවුඞ් සිනමා නිර්මාණය,නිරූපණය ඇතුළු සියලූ කටයුතු වලදී එකට සිටී.
ඬේලි නිවුස් ඇලර්ට් නමැති ඉන්දියාවේ ප්රකට පුවත්පත සමග අදහස් දැක්වූ සනී කියා ඇත්තේ ඇය හා සැමියා දරුවෙකු හදන එක කාර්ය බහුල රාජකාරී නිසා අතපසු කළ බවත් මේ වනවිට ආතතියෙන් තොර ජීවිතයක ප්රීතිය අත්විඳින තමා ඒ ගැන සිතා ඇති බවත්ය.
මේ ආකාරයට සිතන්නට ප්රධාන වශයෙන් බලපෑවේ තමන්ගේ සැමියාගේ මව හෙවත් නැන්දම්මා බවත් ඇය දරු සුරතල් දැකීමේ සිහිනයක පසුවන නිසා තමා සැමියා සමග කතා කර ඒ කටයුත්ත ඉක්මන් කරන්නට තීරණය කළ බවත්ය.