හොලිවුඩ් හි සරාගී නිරූපිකාවක් වන කිම් කාර්ඩිෂන් පසුගියදා දෙවැනිවරටත් මව් පදවිය ලැබුවා.

කිම් කාර්ඩිෂන් විසින් පශ්චාත් ප්‍රසව මානසික ආතතිය සුවකර ගැනීම සඳහා දරු ප්‍රසූතියේ වැදෑමහ යොදාගෙන සාදන ලද පෙති විශේෂයක් භවිතා කළ බව ඇය විසින් ඇගේ ට්විටර් ගිණුමේ සඳහන් කොට තිබේ.



ඇය පවසන්නේ එය තමන්ගේ දියණිය ඉපදුණු අවස්ථාවේද සිදුකළ බවයි. මෙමගින් ඇයට විශ්මය ජනක ප්‍රථීපල ලැබී ඇතිබව ඇය අගේ web අඩවියේ සඳහන් කොට තිබේ. හොලිවුඩ් ලෝකයේ මව් පදවිය ලැබූ බොහෝදෙනෙක් මෙම අත්දැකීම විඳ ඇති බවද පැවසෙනවා.

සත්ව ලෝකය තුළ පෝෂණය සඳහා හෝ පැටවෙකු බිහිකිරීම විලෝපිකයන්ගෙන් සැඟවීමට වැදෑමහ අනුභව කිරීමේ උපක්‍රමයක් පවතින අතර ඇතැම් පර්යේෂකයින් පවසන්නේ වැදෑමහ අනුභව කිරීම හරහා ආතතිය දුරුවීම වගේම යකඩ ඌනාතවයටද පිළියමක් ලැඛෙන බවයි.





Sponsored Ads
Related Posts.