වේදිකා,ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 67 වැනි වියේ පසුවිය. ටෙලි නාට්‍ය 150කට පමණ රංගනයෙන් දායකත්වය ලබාදී ඇති ඇය දැන් තිරගත වන ‘මයි නේම් ඊස් බන්දු‘ සහ ‘සුහද කොකා‘ යන චිත්‍රපට වලද රඟපාන්නී ය.
දේහය බොරලැස්ගමුව - පිළියන්දල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (28) සවස 4.00 ට තම්බෝවිල සුසාන භූමියේදී සිදුකෙරේ.
අපක්ෂපාතී ගොසිප් නිවුස් වාර්තාකරණය