හඳුනා නොගත් දීප්තිමත් අභ්‍යාවකාශ වස්තූන් 3 ක් මාර්ගය අවහිර කිරීම නිසා අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ සිට පෘථීවිය වෙත සිය විකාශය තාවකාලිකව අත්හිටුවීමට නාසා ආයතනයට සිදුව තිබෙනවා.

එම දර්ශන ඇතුළත් වීඩියෝ පටය අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවිවල විශාල පිරිසක් නරඹා ඇති අතර, නාසා ආයතනය එය හඳුන්වා ඇත්තේ ජීව විශේෂයක් හෝ සුරංගනාවියන් පෘථීවියෙන් නික්මීමක් ලෙසයි.



මෙම දීප්තිමත් වස්තූන් කුමක්ද යන්න නාසා ආයතනය මෙතෙක් පැහැදිලි කර නැහැ.

කෙසේ නමුත් මෙය ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයේ කැමරාවල දෝෂයක් හෝ චන්ද්‍රයාගේ දුර්වල සෙවනැලි විය හැකි බවටද මතයක් පළවනවා.

Sponsored Ads
Related Posts.