''ඇත්තටම වැඩක් වුණේ නැහැ කියල තමයි කියන්න තියෙන්නේ. කලාකරුවන් පාර්ලිමේන්තුවට යන්නේ කලාවට විතරක් නෙවෙයි රටටත් සේවයක් කරන්නයි,
නමුත් කලාව නියෝජනය කරන කෙනෙක් පාර්ලිමේන්තුවට ගියාම අපිත් විශ්වාස කරනවා කලාව වෙනුවෙන් යම් දෙයක් ඉටු කරයි කියලා.
නමුත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මට නම් කියන්න තියෙන්නේ බහුතරයකගෙන් කලාව වෙනුවෙන් තියා රට වෙනුවෙන්වත් සේවයක් වුණේ නැහැ කියල තමයි. ඇත්තටම ඒ ගැන තියෙන්නේ ලොකු කනගාටුවක්.
පාර්ලිමේන්තුව නියෝජනය කරන කලාකරුවන්ට කලාව වෙනුවෙන් වැඩක් කරන්න බැරිකම ද නැත්තම් අවස්ථාවක් නැතිකම ද කියන්න නම් දන්නේ නැහැ. කලාව වෙනුවෙන් කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. නමුත් මේ වෙනකම්ම ඒ දේවල් කෙරුනු ආකාරයක් නම් දකින්න නැහැ.
කොහොමත් හැමදාමත් අපේ රටේ කලාවට තියෙන්නේ කුඩම්මා ගේ සැලකිලි යැයි ඕෂධී හේවාමද්දුම පවසයි.''