අනවසර දැව කැපීමේ චෝදනාවකට වරදකරුවකු වීම හේතුවෙන් ඔහුට අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් මීට වසරකට පමණ පෙර දඩ මුදලක් නියම විය.
දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් කඳවුරේ වැඩ පළෙහි නිරතවීමට සිදු විය.
බන්ධනාගාර අධිකාරියෙන් මෙම පුද්ගලයා එළිමහන් සිර කඳවුරෙන් පාලනය කැරෙන ආපන ශාලාවේ වැඩහි යෙදවීමට තීරණය කළේය.
වසරකට ආසන්න කාලයක් ඔහු ආපනශාලාවේ වැඩ පළ කරමින් කාගෙත් සිත් දිනාගෙන කටයුතු කළේය.
සිරකරුට කාන්තාව නොදැක ඉන්නට බැරිවිය. ඔහු ඇයගේ වගතුග දැන කතා බහ කිරීමේ අටියෙන් සති දෙක තුනකට පෙර සිරකඳවුරෙන් බැහැර විය. අනවසරයෙන් බන්ධනාගාරයෙන් පිටවී යාම නිසා බන්ධනාගාර නිලධාරීන් මේ සිරකරු සොයා සෝදිසි මෙහෙයුම් කළත් තොරතුරක් දැනගන්නට නොලැබිණි.
නිලධාරීන් අනුරාධපුර නව බස්නැවතුම්පල අසල ඊයේ (18) දහවල් රැකවල් ලා සිටිද්දී කාන්තාව එතැනට ආවාය. පලාගිය සිරකරු ද ආවේය.
මොහොතක් යන්නට පෙර සිරකරු බන්ධනාගාර නිලධරයන්ගේ අත්අඩංගුවට පත්වූයේය.