ඒත් ඉතින් ලෝචනා අපෙන් සමුගන්නේ ලස්සන රටක ලස්සන ජීවිතයක් අලුතින් ආරම්භ කරන්න. ඔව්. ඒක අලුත්ම ජීවිතයක්.මම ඒ ජීවිතයට හුරුවෙන්න ඕනෑ ඒත් ඉතින් හැමෝම දාලා යන්න වෙනවානේ. අනික මම තනියම ඉඳලා පුරුදු කෙනෙක් නමෛයි.

අම්මා, ආච්චි, අක්කා, නංගි, අපි හැමෝම හිටියේ එකට. නෑදෑයෝ, යාළුවෝ මම සමීපව ඇසුරු කළා. ෂූටිං ගියත් මම පැත්තකට වෙලා ඉන්න කෙනෙක් නමෛයි. හැමෝටම හිනාවෙලා කතා කරලා විහිළු කරලා තමයි ඉන්නේ. ඉතින් මේ හැමදේම දාලා අලුතින් වෙනස්ම රටක වෙනස් ජීවිතයකට හුරුවෙන්න ‍ලේසි පහසු නැහැනේ.

ලෝචනාගේ අලුත් නිවහන ගැන කතා කළොත් මගේ අලුත් නිවහන මම දැකල තියෙන්නෙ ඡායාරූපවලින් සහ ස්කයිප් එකෙන් විතරයි. නෙදර්ලන්තයේ “හේග්” නගරයේ තමයි එය පිහිටලා තියෙන්නේ.



ලෝචනාගේ අලුත් ජීවිතය කොයි වගේ  වේවිද? සැමියා උදේ වැඩට ගිහින් හවස ගෙදර එනතුරු ගේ දොර කටයුතු කරමින් ඉන්න බිරිඳක් විදියට තමයි මට ඉන්න සිදුවන්නේ. ඒ රටේ මෙහෙකරුවන්ගේ සේවය යොදාගන්නේ නැතිතරම්. තමන්ටම තමයි තමන්ගේ සියලුම කටයුතු කරන්න වෙන්නේ. ඒ හින්දා වැඩ ගොඩක් තියෙනවා. ඒත් නෙදර්ලන්තය ගොඩක් දියුණුයි. සියලුම කටයුතු පහසුවෙන් කරන්න අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඕනෑතරම් තියෙනවා. ඒ හින්දා වැඩ කරන එක අසීරු නැහැ.

ලෝචනා ආයෙම කිසි දිනක රඟපෑමට එකතුවන එකක් නැද්ද? හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ලංකාවට ඇවිත් හරි ඒක කරලා යන්න පුළුවනි. ඒ වගේම ඉඳහිට නිවාඩුවට ලංකාවට ආපු වෙලාවට යම් ආරාධනාවක් ලැබුණොත් රඟපානවා. ඒත් ඉතින් ඉස්සර වගේ පූර්ණ කාලයම කලාවටම කැප කරන්න නම් ආයෙ ලැබෙන එකක් නැහැ.

ලෝචනාගේ රසික පිරිසට ඉදිරියේදී ඔබව දැකගන්න ලැබෙන නිර්මාණ මොනවාද? අන්තිමට රඟපෑ ටෙලි නාට්‍යය. තමයි “ලොක්කි”ටෙලි නාට්‍යය. මම රඟපෑ “ගින්දරී” චිත්‍රපටය මේ දවස්වල තිරගත වනවා. මම රඟපෑ “තුන්වරක් තුන” හා “ආලෝකෝ උදපාදී” ඉදිරියේදී තිරගත වේවි.

ලෝචනා රඟපෑමෙන් සමුගත්තාට පස්සේ ඔබේ පවුලෙන් කෙනෙක් කලාවට යොමු කරන්න අදහසක් නැද්ද? මගෙ නංගි අමාලි. පුංචි කාලෙ මාත් එක්කම තමයි ටී.වී. වැඩසටහන්වලට ගියේ. ඊට පස්සේ එයා දයාරත්න රටගෙදර මහතාගෙ ටෙලි නාට්‍යයකත් රඟපෑවා. හැබැයි ඉතින් ඉන් පස්සෙ නංගි නතර වුණා. 


මම දිගටම ක්‍ෂේත්‍රයේ රැඳිලා හිටියා. නංගි දැන් රැකියාවක් කරන හින්දා ආයෙම රඟපාන්න එන එකක් නැහැ. මගෙ නැන්දගෙ දුව පමෝදා චාමි කලාවට දස්කම් දක්වනවා. එයා දැන් ඉන්නේ දෙක වසරේ. මම චූටි කාලෙ හිටපු හැටි පමෝදාව දකිද්දී මතක් වෙනවා කියලා හැමෝම කියනවා. සමහර විට එයා මතු දවසක රඟපෑමට එයිද දන්නෙ නැහැ.

ලෝචනාගේ සමුගැනීම ගැන කලා ලොවේ හිතවතුන් මොනවාද කියන්නෙ.... මගේ මංගල උත්සවයට ආපු අය වගේම පහුගිය 15 වැනිදා තිබුණු උපන් දින උත්සවයට ආපු හැමෝම මගෙ අලුත් ජීවිතයට සුබ පැතුවා. මේ වන විටත් ගොඩක් අය දුරකථනයෙන් කතා කරලා සුබ පතනවා. සමහරු ගෙදරටත් එනවා. මගේ වෙන්වීම ඒ හැමෝටම දුකක්. හැබැයි මගේ අලුත් ජීවිතේට ඒ හැමෝම සුබ පතනවා.

එහෙනම් ලෝචනා අපිත් ඔයගෙ අලුත් ජීවිතේට සුබ පතමින් සමුගන්නවා. ගොඩක් ස්තූතියි. හැමදාමත් මගේ ළඟින් හිටිය ඔයගොල්ලන්ට, මගෙ ආදරණීය රසික පිරිසට මමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කළා කියලා ලියන්න.

‍මෙ‍ලෙස අ‍පෙන් සමුගත් ‍ලෝචනා ‍නෙදර්ලන්ත‍යේදී ගත්තු ඡායාරූප කිහිපයක් අැ‍ගේ ‍ෆේස්බුක් ගිණුමට එකතු කර තිබුණා. ඒ ඡායාරූප පහතින් බලන්න.






Sponsored Ads
Related Posts.