මල මිලින වෙලා සුවඳ ගලා.. මගෙ ලොවම වෙලා.. ඇත තවමත් අංජලිකා... මේ ගීතයට කවුද ආදරය නොකරන්නේ. ඒ අය අතරේ විශේෂ පුංචි තාරකාවියක් අප අතර ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි මේ උරුමක්‌කාරයා වන නලින් පෙරේරාගේ දුව ශ්වේතා. රටම ආදරය කරන නලින්ගේ දියණිය ශ්වේතා පසුගිය දිනක මීවිත වෙනුවෙන් මෙලෙස හඬ අවදිකළා.
නම - ශ්වේතා මේලි පෙරේරා
වයස - අවුරුදු 20
පාසල - සෙන් බ්‍රිජට් කොන්වන්ට්
ගම - හලාවත
පවුලේ තොරතුරු - මල්ලියි,තාත්තයි, අම්මයි, මමයි
මේ දවස්‌වල මොනවද කරන්නේ? උපාධිය ඉවර කරපු නිසා කාලෙකට පස්‌සේ විවේකයක් ලැබුණා.
මොකක්‌ද උපාධිය? ඉන්ටනැෂනල් බිස්‌නස් මැනේඡ්මන්ට්.
ඇයි ව්‍යාපාර අංශයෙන් ඉදිරියට යන්න හිතුවේ? තාත්තගේ වැඩවලට සම්බන්ධවෙන්න ආසාවක් තියෙනවා. ඒකයි.
ඒ කියනනේ තාත්තගෙ පහනෙන් එළියබලන්නද ඔබහදන්නේ? එහෙමමත් නෙමෙයි. මගේ ආනාගත ඉලක්‌කයක් තියෙනවා. ඒ අරමුණ කරා යන්න අවශ්‍ය මූලික දැනුම තාත්තගේ වැඩවලට සම්බන්ධ වෙමින් ලබාගන්නවා.
මොනවද තාත්තගෙ ව්‍යාපාර? තාත්තගෙ ගෲප් එකට අමතරව ඉවෙන්ට් මැනේඡ්මන්ට් කම්පැණියක් තියෙනවා, රෙකෝඩ් ලේබල් එකක් තියෙනවා.
තාත්තා ගායනට යොමුවෙන්න කියලා නැද්ද? නැහැ. මටවත් මල්ලිටවත් කවදාවත් එහෙම බලපෑමක් කරලා නැහැ.
ගායනයට හැකියාවක් නැහැ කියලද හිතන්නේ? තාත්තට තරම් නම් නැහැ.
ඒ කියන්නේ හැකියාවක් නැත්තෙමත් නැහැ? ටීවී ප්‍රොග්‍රෑම් දෙකකදි ගීත කීපයක් ගායනා කරලා තියෙනවා එච්චරයි.
තාත්තගෙ කැමතිම ගීත? අංජලිකා, පුන්‍යවන්ත පෙම්වතී ගීතවලට ගොඩක් කැමතියි.
තාත්තගෙ ජනප්‍රියත්වය බාධාවක් වුණ අවස්‌ථා නැද්ද ? පොඩිකාලේ ඉඳලා හුරු පුරුදු දෙයක් නිසා කරදරයක් නැහැ.
තාත්තා ජනප්‍රිය ගායකයෙක් වගේම දක්‍ෂ නිවේදකයෙක්. ඔබ ඒ හැකියාවන් උරගා බැලුවේ නැද්ද? නැහැ. පාසල් කාලෙදි නම් ස්‌පීච් ඇන්ඩ් ඩ්‍රාමා කරලා තියෙනවා.
රංගනයට ආරාධනාවක් ලැබුණොත්? ඒක ගැන නම් දෙපාරක් හිතලා බන්න ඕනේ.
ඇයි ඒ? එහෙම අදහසක් හිතේ කොතනකවත් නැති නිසා.
පියා තුළ ඔබ දකින හොඳම ගුණාංගය? ඉවසීමයි කරුණවයි තමයි තාත්තා තුළ මම දකින හොඳම ගුණාංගය.
කලා පවුලක සාමාජිකාවක් වීම ඔබට දැනෙන්නේ? මුළු හදවතින්ම සතුටු වෙනවා.
තාත්තට විවේකයක් ලැබුණොත්? මගේ තාත්තා ජීවිතේ අඩුවෙන්ම ලබන දෙයක් තමයි විවේකය. එහෙම කාලයක් ලැබුණොත් පවුලේ අයත් එක්‌ක ගතකරන්න තමයි එයා ගොඩ කැමති.
ඉදිරියේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? රැකියාවක් කළත් මගේ ව්‍යපාරයක් පටන් අරන් ඒ ඔස්‌සේ අනාගතය ගොඩනගාගන්න උත්සාහ කරනවා.
ඡයාරූප - ඉරේෂ් ජයංග ඩයස්