මහා පරිමාන හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ගල්කිස්ස ප්‍රදේශයේ නිළියකට ද මුදල් දී ඇති බවට මේවන විට අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඇය පසුගිය කාලයේ ආන්දෝලනාත්මක රංගනයක් කළ අයෙක් බවද පැවසේ.

විජේසිංහ ආරච්චිගේ සුනිමල් සංජීව ( 770592380 V) හා මානගොඩ කංකානම්ගේ සමන් ප්‍රදීප් (770596530 V) යන නම්වලින් පෙනී සිටිමින් වෙලේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති බව වාර්තා වේ.



උදයන්තිගේ කතාව

මේවන විට ටෙලි නිළි උදයන්ති කුලතුංග වෙලේ සුදාගේ මුදල් ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඇය අදාල මුදල් ගත්තේ ටෙලි නාට්‍යක් නිෂ්පාදනය කිරීමට බව ඇය විසින් රහස් පොලිසියට දුන් කට උත්තරයේ සඳහන්ව ඇත.

එසේම ඇය රහස් පොලිසියට ගෙන්වාගෙන වෙලේ සුදාගේ ජායාරූපයක් පෙන්වූ අවස්ථාවේදී ඔහුව හඳුනා ගත් බවද පැවසේ.

උදයන්තිට, වෙලේ සුදා හමුව ඇත්තේ ඩුබායිහි පැවැති සංගීත සංදර්ශනයකදීය. එහිදී වෙලේ සුදා ඇගේ දුරකථන අංකය ඉල්ලාගත් බවත් ඉන්පසුව දෙදෙනා කතාබහ කළ බවත් පවසා ඇත.

Sponsored Ads
Related Posts.