ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ඒඩ්ස් ආසාදිතයනගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් සමලිංගික සේවනය ඊට ප්‍රධාන හේතුවක් වී තිබෙන බව විශේෂඥ වෛද්‍ය ජානකී විදා‍‍නපතිරණ මහත්මිය පැවසුවාය.

තරු‍ණ කටුයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කළ සෞඛ‍්‍යය හා යපපැවැත්ම පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවකදී ඇය මේ බව හෙළිකළාය.



එච්.අයි.වී. පැතිර යාමට ප්‍රධාන හේතුවක් වන්නේ අ‍‍ණාරක්ෂිත ලිංගික ක්‍රියාවන් බව වැඩිහිටි කාන්තාවන් තරුණ ප්‍රජාව ඩැහැගෙන තිබීම ඒ සඳහා තවත් හේතුවක් බවත් ඇය සදහන් කළාය.

තම සහකාරිය හෝ සහකාරිය නොවන පුද්ගලයන් හා ලිංගික සබඳතා පැවැත්විමද ඒඩ්ස් වැඩිවීමට හේතුවක් බවද ඇය පැවසුවාය.

Sponsored Ads
Related Posts.