එනම් පසුගිය දස වසර පුරා ඇයට අහිමි ව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවත ලබාදීමයි. මේ පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වේ.
මෙම පවරා දීම ජනාධිපතිධූරයට පත්වූ විගස මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකලේ නම් මතුවී ඇති අවිනිශ්චිත තත්වය සමනය වී අර්බුදයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහ මැතිවරණයට මුහුණ දීමේ හැකියාව ලබා ගත හැකිව තිබූ බව විචාරක මතයයි.
ශ්‍රීලනිපයේ අර්බුදය විසදීම සඳහා මහින්ද පාර්ශවයේ නියෝජිතයන් සමග අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවේදී ඔවුන් ඉදිරිපත් කළ කිසිදු ඉල්ලීමකට ජනාධිපතිවරයා එකග නොවූ බව ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි.