පහත දැක්වෙන්නේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ දී ඡායාරූප ශිල්පියකු සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයකි.

“සෙල්ෆි”, නැතිනම් තමා විසින්ම ලබාගන්නා තමාගේ ඡායාරූප වර්තමානයේ සමාජ ජාලාවලට එක්කරන අතිශය ජනප්‍රිය ඡායාරූපකරණයකි. සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගැනීමේ දී ඡායාරූප ශිල්පියා එම ඡායාරූපයට එක් නොවන මුත් සෙල්ෆි ඡායාරූපකරණයේ දී ඡායාරූප ශිල්පියා පමණක් හෝ තවත් පිරිසක් සමග එක්ව ඡායාරූප ගැනීම සිදු වේ. සෙල්ෆි ඡායාරූප ගැනීම සිදුකෙරෙන්නේ ඩිජිටල් කැමරාවකින් හෝ කැමරා සහිත ජංගම දුරකථනයකිනි.



අප සාමාන්‍යයෙන් ඡායාරූප ගෙන ඇල්බම්වලට එක් කරනු ලැබූවත් සෙල්ෆි ඡායාරූප එක් කරනු ලබන්නේ සමාජ ජාලාවලටය. විශේෂයෙන්ම ෆේස්බුක්, ට්විටර් ඇතුළු අවශේෂ සමාජ ජාලාවට එක් කිරීම වර්තමානයේ ජනප්‍රිය අංගයකි.

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට තැනක් නොතැනක් නොමැති වුවත් තමන් අවට පරිසරය පිළිබද සැලකිලිමත් වන ලෙස සෙල්ෆි ඡායාරූපකරණය පිළිබඳ විශේෂඥයෝ අවවාද කර සිටිති.

ආරම්භයේදී සෙල්ෆි ඡායාරූපකරණය පිළිබද අවධානයක් යොමු නොවූවද එම ඡායාරූපකරණය ලොව පුරා ජනප්‍රිය වෙද්දී සෙල්ෆි ඡායාරූපයක් ගත යුත්තේ කෙසේද යන්න ගැන විවිධ නියාමන ඉදිරිපත් විණි.


Sponsored Ads
Related Posts.