නිරූපිකාවක් ලෙස කටයුතු කරන බුද්ධි ජයවර්ධන මෙවර ‘රිවිර’ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවා. ඒ නිසාම ඇගේ තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.
කොහොමද තරගයට අයැදුම් කළේ?
මම අයි.ටී.එන්. අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණා. ඒ තරගෙන් දෙවැනි ස්ථානය ලැබුණ නිසා ‘රිවිර’ පුවත්පතෙන් සංවිධානය කරපු හබරකඩ අවුරුදු කුමාරි තරගෙට සහභාගි වෙන්න හිතුවා.
තරගයෙන් ජයග්‍රහණය කරයි කියලා හිතුවද?
අවුරුදු කුමාරි වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒත් තුන්දෙනා අතරට එයි කියලා විශ්වාසයක් තිබුණා. අවුරුදු කුමාරියෝ 30ක් විතර එදා හිටියා. ගොඩක් ලස්සන අය හිටියා.
‘රිවිර’ අවුරුදු කුමරිය ලෙස ඔබේ නම කියවෙද්දී මොකද හිතුණේ?
මට හිතාගන්න බැරි වුණා අවුරුදු කුමරිය ලෙස මගේ නම කියවෙද්දී. සතුට වැඩිකමට කඳුළු ආවා. හබරකඩ කියන්නේ මගේ ගම. ඉතින් මගේ ගමේ අවුරුදු කුමරිය වුණ එකට මට කියාගන්න බැරි සතුටක් තියෙන්නේ.
ඔබ නිරූපණයටත් සම්බන්ධ වෙලා ඉන්නවා නේද?
ඔව්. මම රොෂෑන් අක්කිගෙන් තමයි මොඩ්ලින් ඉගෙන ගත්තේ. ඒ හරහා තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ බ්‍රයිඩ්ල්වලට තමයි නිරූපණයෙන් සම්බන්ධ වෙන්නේ.
කොහොමද නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ?
මම 2013 වර්ෂයේ සියත මිස් ශ්‍රී ලංකා තරගයට අයැදුම් කළා. ඉතින් ඒ තරගයට සහභාගි වෙන්න ලැබුණු නිසා රොෂෑන් අක්කිව අඳුරගන්න පුළුවන් වුණා. එදා හිතුවා නිරූපණය ගැන ඉගෙනගන්න ඕන කියලා.
පොඩි කාලේ ඉඳන්ම නිරූපණයට සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබුණද?
ඔව්. ලොකු කැමැත්තක් තිබුණා. මොකද පාසලේ කලාවට සම්බන්ධ වුණු වැඩක් තිබ්බොත් මමත් එතන හිටියා. පාසලේ තූර්යවාදක කණ්ඩායමේ වගේ මාධ්‍ය ඒකකයෙත් මම හිටියා. නාට්‍යවලටත් දායක වුණා. ඒ හැමදේටම සහභාගි වුණු නිසා ආසාවෙන් හිටියේ මේ පැත්තෙන් ඉස්සරහට යන්න.
රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?
ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. එක නාට්‍යයක වැඩ භාරගත්තා. ඊට අමතරව ගීත රූප රචනාවලටත් රංගනයෙන් දායක වුණා වගේම වෙළෙඳ දැන්වීම්වලට දායක වුණා.
වෘත්තිය වශයෙන් මොන ක්‍ෂේත්‍රය ද තෝරගන්නේ?
මම කැමැති නිරූපණ ක්‍ෂේත්‍රය වගේම රංගන ක්‍ෂේත්‍රය වෘත්තිය වශයෙන් තෝරාගන්න. ඒ වගේම මොඩ්ලින් ඇකඩමියක් පටන්ගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගය මොනවගේ ද?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මයි තාත්තයි කැමැතියි මම මේ පැත්තෙන් ඉස්සරහට යනවට.
පෞද්ගලික විස්තර ගැන මතක් කළොත්?
මම පාසල් ගියේ කෝට්ටේ ආනන්ද බාලිකාවට. උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. දැනට කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ අංශයෙන් බාහිර උපාධිය හදාරනවා. අම්මයි, තාත්තයි, මල්ලියි, නංගියි අපේ පවුලේ ඉන්නේ.
ආදරේ සුන්දරයි. දෙමව්පියන්ගෙන් උපරිම ආදරය ලැබෙනවා.
විශේෂ කෙනෙක් නැද්ද?
තවම නෑ. ඒත් විවාහ යෝජනා නම් එනවා. ඒ ගැන හිතන්න තව කල් තියෙනවා.
පෙම්වතා කරගන්න කැමැති මොනවගේ කෙනෙක්ද?
මගේ වැඩවලට උදව් කරන, මාව හොඳින් තේරුම් ගන්න කෙනෙක්ට මම කැමැතියි.