තමාට එරෙහිව ෆේස්බුක් සමාජ ජාලය හරහා එල්ල කරන අපහාසාත්මක ප්‍රහාර පිටුපස සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු නිල් බලකාය බවට තමා විසින් කළ ප්‍රකාශයේ සම්පූර්ණ වගකීම බාර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරයි.
ඔවුන්ගේ අනුදැනුම යටතේ පවත්වාගෙන යන 'ෆේස්බුක් මඩ බලකායේ' ප්‍රධානම අරමුණ නැගී එන දේශපාලනඥයන්ගේ ගමන අඩාල කිරීම බව ඒ මහතා පවසා සිටියේ ය.
එම අරමුණ ඉටු කරගැනීමට තමන් සමඟ එකට වැඩ කළ අයට පවා මඩ ගැසීමට එම ෆේස්බුක් බලකාය ක්‍රියා කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු සත්‍ය බව තහවුරු කිරීමට අවශ්‍ය සියළුම සාක්ෂි තමා සතුව ඇති බවත් අවශ්‍යනම් විවාදයකට එළඹීමට වුව ද තමා සූදානම් බවත් පැවසුවේ ය.