මහියංගනය හක්දනාව තුනේ කණුව ප‍්‍රදේශයේ වෙල් යායක් අසළ තිබී පසුගියදා හමුවූ නාඳුනන මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවැත්වූ පොලිසියට එම සිරුර කාගේදැයි හඳුනාගන්නට කිසිදු හෝඩුවාවක් නොතිබුණ අතර පසුව සිදු කළ දීර්ඝ විමර්ශන වලින් ඩිජිටල් කැමරාවක් ඔස්සේ ලැබුණ සාක්ෂි මත එම මළ සිරුර හිමි පුද්ගලයා සහ මිනීමරන ලද පුද්ගලයා සොයාගන්නට සමත්ව තිබෙනවා.

පසුගිය 4 වනදා වෙල්යාය අසළ හමුවූ නිරුවත් මළ සිරුර ළ`ග කුඩයක් ටීෂර්ටයක් පාවහන් හා කොටකලිසම් තිබී හමුවිය. මියගිය අය කවුදැයි යන්න ගම්වාසීන්ටද හඳුනාගන්නට බැරි විය. 



ප‍්‍රමාණවත් සාක්ෂි නැතිවූ අවස්ථාවේ අවට සෝදිසි කළ පොලිසියට මළ සිරුර හමුවූ ස්ථානයේ සිට මීටර 500ක් පමණ දුරකින් කැලෑවේ දොළක් තුළ අතහැර දමන ලද ඩිජිටල් කැමරාවක් හමුවී තිබුණි. එය පරීක්ෂා කිරීමේදී එහි අන්තර්ගත මෙමරි චිප් එකෙහි දත්ත හානි නොවී තිබුණ අතර එය පරීක්ෂා කිරීමේදී එක් ඡුායාරූපයක අංකයක් පෙනෙන ලෙස ලබාගත් ත‍්‍රීරෝද රථයක ඡුායාරූපයක් තිබී ඇත.

ඒ ඔස්සේ පරීක්ෂණ කළ පොලිසිය එම අංකය සහිත රථය හිමි පුද්ගලයා ප‍්‍රශ්න කළ විට මියගිය තැනැත්තාගේ මිතුරෙකු බව ඔහු කියා ඇති අතර මියගිය අය කවුදැයි පොලිසියට ඒ අනුව හඳුනාගන්නට ලැබුණා.

ඝාතනයට ලක්ව තිබුනේ වැල්ලවායේ විසූ 23 හැවිරිදි චමිල කුමාර නමැත්තෙකි. ඔහුගේ නිවසට ගොස් ඝාතනය ගැන දන්වා ඔහුගේ දුරකථන අංක ඔස්සේ ඉතිරි පරීක්ෂණ කටයුතු සිදු කළ පොලිසිය එම දුරකථන අංකයට ආ ඇමතුම් වාර්තාවක් ලබාගෙන තිබුණා.

එහිදී මියගිය දිනට ආසන්නයේ වැඩිම වාරයක් ඇමතුම් දුන් අංකයක් ගැන හෝඩුවාවක් ලැබුණ අතර එම අංකය හිමි සැකසහිත පුද්ගලයා සොයාගොස් ඔහුව ප‍්‍රශ්න කරන්නට පොලිසිය කටයුතු කළා. ඔහු ගොවිතැන් කරන 37 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු බියට පත්ව පොලිසියට සියල්ල හෙළි කර තිබුණා. තමාගේ ඥාති පුතෙකු වන මියගිය අය නිසා තමාට

ලැබෙන්නට නියමිත ඉඩමක අයිතිය ඔහුට ලැබෙන බවත් ඔහු ඝාතනය කළොත් එම අයිතිය ලබාගන්නට හැකි බවත් කල්පණා කර මෙම ඝාතනය සිදු කළ බව ඔහු කියා ඇත. සිද්ධියවූ දිනයේ ඔහුට මත්පැන් පානයට අඬගසාගෙන ඔහු පැමිණි පසු ඔහුට හොඳට මත්වෙන්නට හැර කැලයට ගෙනගොස් පිහියකින් ඇණ ඝාතනය කළ බවත් ඔහු පාපොච්චාරණය කර තිබුණා.

සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතව සිටියා.

Sponsored Ads
Related Posts.