20 කඩාකප්පල් කිරීම සදහා මූලිකවම උවමනාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.
අද (23) සහ හෙට (24) දිනයේදී පැවැත්වෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනයේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම පිළිබඳව විරෝධය පල කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ඊයේ (22) පක්‍ෂ නායක රැස්‌වීමක් පැවති අතර එහිදි රතන හිමියෝ මෙම විවාදයට විරුද්ධත්වය පල කරමින් දැඩි කෝපයෙන් යුතුව නැගිට එම ස්ථානයෙන් පිටතට පැමිණ තිබෙනවා.