වෙලේ සුදා පසුගිය කාලය තුළ ලංකාවට හෙරොයින් ටොන් එකකට අධික ප්‍රමාණයක් ගෙන්වා අලෙවි කරමින් සිදුකළ ජාවාරම පිළිබඳව සිදුකළ පරීක්ෂවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඉදිරිපත් කරමින්, රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ මහතා පසුගියදා මේ බව දැනුම්දුන්නේය.
වෙලේ සුදා පාකිස්තානය හා ඩුබායි යන රටවල් මුල් කරගනිමින් සිදුකළ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දුරකථන දත්ත විශ්ලේෂණය කරමින් රහස් පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී වෙලේ සුදා හා ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග මහත්මිය අතර තිබූ සම්බන්ධතාවද හෙළිකරගෙන තිබුණි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී වෙලේ සුදා විසින් ඇයට එවනු ලැබූ රුපියල් කෝටි ගණනක මුදල් අතරින් විශාල ප්‍රමාණයක් ඇය මූල්‍ය ආයතනයක ස්ථිර තැන්පතුවක් දමා තිබූ බවත්, මේ සම්බන්ධයෙන් රහස් පොලීසිය ඇගෙන් ප්‍රශ්න කළ දිනට පසු දිනක එම ස්ථිර තැන්පතු මුදල් හා තවත් මුදල් විශාල ප්‍රමාණයක් ඇගේ සහෝදරියගේ නමට මාරුකොට ඇති බවත් රහස් පොලීසිය හෙළිකරගෙන ඇත.
මේ අතර වෙලේ සුදාගේ කුඩු ජාවාරමට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරගයට පත්කර සිටි නිසංසලා සඳකුමාරි නමැත්තිය මුදල් හා ශරීර ඇප මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, මසක් තුළ ඇගේ සැමියා වන අසංක ෆොන්සේකා නමැත්තා අධිකරණයට ඉදිරිපත් කරනු නොලැබුවහොත් ඇයට නියම කළ ඇපය අවලංගු කොට යළි රිමාන්ඩ් භාරයට පත්කරන බවද දැනුම්දුන්නේය.