බුද්ධියෙන් පමණක් නොව රූපයෙන්ද පිරිපුන් පුද්ගලයෙකු ලෙස මේ දිනවල අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයක් උසුලන පියෙත්‍රෝ බොසෙලි විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙකු මෙන්ම නිරූපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කරයි.
ඔහු පසුගිය දිනක ටයිම්ස් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් සිය දෙබිඩි ජීවිතය පිළිබඳ හෙළි කර තිබේ.
ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ සිය නිරූපණ දිවිය රහසක් ලෙස තබා ගැනීමට හේතුව වූයේ ඔහුගේ විශ්වවිද්‍යාල සගයන් ඔහු පිළිබඳව අවතක්සේරු කරනු ඇතැයැ ඔහු බිය වූ නිසා බවයි.
ඉතාලි ජාතික පියෙත්‍රෝ බොසෙලිගේ වයස අවුරුදු 26ක් වන අතර ඔහු යුනිවසිටි කොලේජ් ලන්ඩන්හි උසස් ගණිත ආචාර්යවරයෙකු ලෙස සේවය කරන අතරම වෘත්තීය නිරූපණ ශිල්පියෙකු ලෙස 'මොඩ්ල් 1' ආයතනය සමඟ කටයුතු කරයි.
කාර්මික ඉංජිනේරු විද්‍යාව සඳහා පශ්චාත් උපාධියක් සතු වන ඔහුගේ මෙම රහස හෙළි කර ඇත්තේ ඔහුගේ සිසුවෙක් වන අරීෆ් අස්ලි විසිනි.
ඉන් අනතුරුව විශාල ජනප්‍රියත්වයක් දිනාගත් පියෙත්‍රෝගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සාමාජිකයන් ගණන මේ වනවිට 480,000ක් වේ.